Tuesday, June 19, 2018

Maximum changes from vSphere 6.0 to vSphere 6.5


Configuration Maximum changes from vSphere 6.0 to vSphere 6.5 smile




Configuration Maximums Vsphere 6.5 Vsphere 6.0
   Virtual Machine
 Ram per VM  6128GB  4080GB
 Virtual NVMe adapters per VM  4   N/A
 Virtual NVMe targets per virtual SCSI adapter  15   N/A
 Virtual NVMe targets per VM  60   N/A
 Virtual RDMA Adapters per VM  1  N/A
 Video memory per VM  2GB  512MB
   vCenter​
Hosts per vCenter Server 2000 1000
Powered-on VMs per vCenter Server 25000 10000
Registered VMs per vCenter Server 35000 15000
Number of host per datacenter  2000 500
Maximum vSphere Client (HTML5) + vSphere Web
Client simultaneous connections per VC
60 (30 Flex, 30 maximum HTML5) N/A
Maximum supported inventory for vSphere Client
(HTML5)
10,000 VMs, 1,000 Hosts N/A
Host Profile Datastores 256 120
ESXi Host
Logical CPUs per host 576 480
RAM per host 12TB 6TB
LUNs per server 512 256
Number of total paths on a server 2048 1024
FC LUNs per host 512 256
LUN ID 0 to 16383 0 to 1023
VMFS Volumes per host 512 256
FT virtual machines per cluster 128 98
Virtual SAN Maximums
Virtual machines per cluster 6000 6400
Number of iSCSI LUNs per Cluster 1024 N/A
Max iSCSI LUN size 62TB N/A

Tuesday, September 19, 2017

පෙර වදනක් වි (සනුක වික්‍රමසිංහ)


පෙරවදනක් වී මගේ කතාවට.. පටුන ලියන්නට හීන එවා.. පිටුවෙන් පිටුවට ගෙතූ කතාවට.. හිස් පිටුවක් ඉඩ තබා ගියා.. අරුත බිඳී ගිය අන්දරයක රස.. කිමැයි කියා නොදැනෙන හින්දා.. තවත් තියෙනවා.. හිතේ පොතේ ඉඩ.. මෙතෙක් ලියූ.. කිවිඳියම පතා.. පැතූ කතාවේ .. නිමක් දකින්නට.. උපන් බවේ පින මදි හින්දා.. බලා හිඳිමි මතු බවයක හෝ.. පසු වදන ලියන්නට.. එතැයි කියා.. පෙරවදනක් වී මගේ කතාවට.. පටුන ලියන්නට හීන එවා.. පිටුවෙන් පිටුවට ගෙතූ කතාවට.. හිස් පිටුවක් ඉඩ තබා ගියා..



සිංදුව පට්ටම හින්දා දාන්න හිතුනා.

සිංදුවේ විඩියෝ එකේ නම් හැටියට කෙල්ල මැරෙනවා. එත් කෙල්ල දාලා ගිය කතාවක් වෙන්නත් පුළුවන්. විඩියෝ එකේ හැටියට ගමුකෝ ඒ කෙල්ලට කියන්න දෙයක් තිබ්බොත් මේහෙම කියයි

පෙර පසු වදනින් සරසනු කුමටද නුඹේ කතාව ම මමයි කියා දැන සිටි හින්දා ඉකි බිඳ හැඬුවා ගිනි ඇවිළුණු පිටු අතර තියා අරුත සොයන නෙත් හමුවුණු දා සිට අන්දරයක නැවතුණැයි සිතා කවිකම් ගෙතුවෙමි හිත් පොත මැද්දේ ලොවම නුඹේ නුඹ මගෙයි සිතා නොපැතූ නැවතුමකදි වෙන් වෙන්නට උපන් භවේ ලියැවුණු හින්දා ඇවිදන් යමි දුර ඈතින් ඈතට ලියූ කතා පොත හිතේ තියා පෙර පසු වදනින් සරසනු කුමටද නුඹේ කතාව ම මමයි කියා දැන සිටි හින්දා ඉකි බිඳ හැඬුවා ගිනි ඇවිළුණු පිටු අතර තියා




Tuesday, May 16, 2017

මොනවද මේ Ransomware ? ? ?


Ransomware  කියන වෛරස් එක හදලා තියෙන්නේ අපේ වැදගත් ෆයිල්ස් 
Automatically Encrypt වෙන විදියට. සාමන්යෙන් Files Encrypt කරන්නේ ඒ ෆයිල් එකේ ආරක්ෂාව වැඩි වෙන්න.

අපි File එකක් Encrypt කරාට පස්සේ ඒක නැවතත් යථා තත්වයට අරගෙන පාවිච්චියට ගන්න නම් අපිට Encrypt එකට අදාළ Decryption Key එක අවශ්‍ය වෙනවා අපේ. නමුත් මේ "Ransomware" කියන වෛරස් එක අපේ පරිගණකයකට ආසාධනය වුනොත්, අපට නොදැනුවත්ව අපේ Files ඉතාමත් වේගයෙන්-ස්වංක්‍රීයව Encrypt වීගෙන යනවා, නමුත් නැවතත් ඒ Files යථා තත්වයට පත්කරගැනීමට අවශ්‍යවෙන Decryption Key එක අපේ අතට ලැබෙන්නේ නැහැ, ඒ වෙනුවට ඒ Decryption Key අදාළ Ransomware එක නිර්මාණය කළ පුද්ගලයා (Hacker) අතට තමයි යන්නේ.


ඊට පස්සේ අපේ අර Files ටික නැවත ලබාගැනීමට අවශ්‍යනම් අපට සිද්ධවෙනවා අදාළ වෛරස් එක නිර්මාණය කරපු කෙනාට කප්පම් මුදල් ලබාදෙන්න.. පැය 6ක් වගේ කාලයක් ඇතුලත අපි මුදල් ලබාදීලා අපේ දත්ත ටික යථාතත්වයට පත් කරගත්තේ නැතොත් අපේ Files ටික නැවත අරගන්න බැරි විදියට Permanent Delete වෙලා යනවා. සරලව Ransomware එකක් වැඩකරන්නේ ඔය විදියට



මේ Ransomware ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. 

01. Encrypting ransomware - මේකෙන් අපේ Hard Disk වල තියන User Files හැම එකක්ම Automatically Encrypt කරනවා.. ඒ User Files හැම එකටම අදාළ Decryption Keys ටික, වෛරස් එක නිර්මාණය කරපු අයට යවනවා.



02. Locker ransomware / Master Boot Record (MBR) ransomware - මේ වර්ගෙ ransomware වලින් කරන්නේ අපේ Operating System එක තාවකාලිකව Lock කරන එක. අදාළ කප්පම් මුදල ලබාදෙන තුරු අපට අපේ පරිගණකය ON කරගන්න බැරි වෙනවා. නමුත් මෙයින් අපේ User Files කිසි දෙයක් Encrypt වෙන්නේ නෑ, සරලවම කිව්වොත් Operating System එකේ Boot Settings වෙනස් කරලා පරිගණකය ON වෙන එක වළක්වනවා විතරයි.



සියලුම Microsoft Windows සංස්කරණවලට මේ Ransomware එක ආසාධනය වීමේ ඉඩකඩ තියනවා. මෑතකදී මේ විදියට සීග්‍රයෙන් ව්‍යාප්ත වෙන Ransomware එක නිර්මාණය වුනේ ඇමරිකාවේ National Security Agency (NSA) එකෙන් Leak වුනු Program එකක තිබුණු දුර්වලතාවයක් නිසා කියලා තමයි මේ පිළිබඳ පර්යේෂණ කරන අයට අනාවරණය කරගන්න පුළුවන්වෙලා තියෙන්නේ.



සති දෙකක් වගේ කාලයක් ඇතුලත ව්‍යාප්ත වෙන්න පටන්ගත්තු මේ Ransomware වෛරස් එක අද වෙනකොට ලෝකයේ රටවල් 99ක පරිගණක පද්ධති වලට ආසාධනය වෙලා තියනවා.. මේ වෛරස් එකෙන් ගොඩක්ම අලාබහානි වෙලා තියෙන්නේ බ්‍රිතාන්‍ය එක්සත් ජනපදයේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට. අද දවස ඇතුලත බ්‍රිතාන්‍ය තුල සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ කිසිම විදියක සේවයකට පරිගණක යොදාගන්න බැරි වෙලා තියනව.. ඒ වගේම රුසියාවේ දෙවන ප්‍රධාන විදුලි සංදේශන සේවය වන Megafon ආයතනයත් මේ වනවිට Ransomware වෛරස් එක ආසාධනය වෙලා තියනවා.

වෛරස් ගාඩ් වලින් Ransomware අල්ලන්නේ නැද්ද? | අදාළ මුදල් Payment කරන තැනින් මේක කරන අයව අල්ලගන්න බැරිද? | අපිට Decryption Key එක හොයාගන්න විදියක් නැද්ද?

  • මේ වෛරස් එකට නිශ්චිත ස්වරූපයක් නෑ, ඒ නිසාම Antivirus Program වලින් Detect කරගන්න හරි අමාරුයි.
  •  වෛරස් එක කප්පම් ඉල්ලන්නේ Bitcoin කියන Crypto-Currency එකෙන්.Credit Card, Pay-pal වගේ ක්‍රමයකින් මුදල් ඉල්ලනවා නම් ලේසියෙන්ම මේක කරන අයව කොටු කරගන්න පුළුවන්.. නමුත් Bitcoin වලින් ගනුදෙනු කරද්දී ඒ ගනුදෙනුවලට සම්බන්ධ වන කාගේවත් අනන්‍යතාව කාටවත් හොයාගන්න පුළුවන්කමක් නෑ
  • Decryption Key එකටත් මම කලින් කිව්වා වගේ නිශ්චිත ස්වරූපයක් නෑ, ඒ වගේම කිහිප වරක් විවිධ Decryption Keys යොදාගෙන Unbreakable encryption එකක් හැදෙනවා.. ඒ නිසා Decryption Key හොයාගන්න පුළුවන් සාර්ථක ක්‍රමයක් මේ වනතුරු කාටවත් හොයාගන්න බැරි වෙලා තියනවා.

අපි කොහොමද මේකෙන් ගැලවෙන්නේ ???

  • Ransomware වලින් ගැලවෙන්න තියන "හොදම ක්‍රමය" වෙන්නේ තමන්ගේ වැදගත් Files වෙන තැනකට Back-up කරගෙන තියාගන්න එක.. කිසියම් හේතුවක් නිසා තමන්ගේ පරිගණකය Ransomware වලට ආසාධනය වුනොත් අපිට අපේ වැදගත් දේවල් ටික තියනවා කියලා හිතලා හිත හදාගන්න පුළුවන්.
  • ඒ වගේම මේ දවස්වල Software වගේ දේවල් අන්තර්ජාලයෙන් ගන්න එපා. Torrents භාවිතා කරන එකත් අඩු කරන්න. Virus බෙදාහැරීමේ ක්‍රමවලින් ඉස්සරහින්ම ඉන්නේ Torrent හරහා වෛරස් බෙදාහැරීම.
  • Antivirus Program භාවිතා කරනවා නම් ඒවා Update කරන්න. Ransomware වෛරස් එක නිශ්චිතව හදුනාගන්න බැරි වුනත්, අදාළ Programs වල හැසිරීම් රටාව බලලා ඒවා Detect කරගන්න පුළුවන්කමක් Antivirus Program වලට තියනවා (Behavior-Based Detection).
  • තමන් නිතර භාවිතා කරන Web Browser එකට නොමිලේ ලබාදෙන Ad-Block එකක් Install කරගන්න.
     එතකොට Ads ආකාරයෙන් බෙදාහැරෙන Ransomware ක්ලික් කරන්නේ නැතුව බේරිලා ඉන්න පුළුවන්. (UC Browser වගේ Inbuilt නම් Ad-Blocker එකක් තියෙනවා)
  • ඒ වගේම Office, Public WiFi Networks වගේ තැන්වල තියන පොදු ජාල (Networks) වලට තමන්ගේ Device සම්බන්ධ කිරීමෙන් හැකිතාක් වලකින්න. තමන්ගේ පරිගණක ජාලයට සම්බන්ධවෙලා තියන වෙනත් ඕනම Device එකකට Spread වෙන්න Ransomware වලට පුළුවන්.
  •  කෙටියෙන්ම කිව්වොත් අපට Ransomware එකක් Infect වුනාට පස්සේ කරන්න දෙයක් නැහැ, Ransomware එකක් ආසාධනය වෙන්න කලින් ඒ ගැන සැලකිලිමත් වෙන එක තමයි කරන්න තියෙන්නේ. ඒ නිසා ඉදිරි දවස් කිහිපය තුලදී ඉන්ටර්නෙට් එකේ වැඩ කරනකොට ටිකක් සැලකිල්ලෙන් ඉන්න.
  • Patch Management Windows භාවිතා කරන අය OS Update හරියට කරලද කියල බලන්න. Microsoft Security Bulletin MS17-010 කියන එක තමයි මේකට විසදුමක් විදියට දාගන්න කියන්නේ.ඊට අමතරව Mail-servers, Proxy භාවිතා කරන අය සතියකට වරක් වත් ඒ ගැන සැලකිලිමත් වෙන්න LOGS එහෙම පරික්ශා කරලා බලන්න.
  • Firewall එකේ අනවශ්‍ය Threads detected  කරලා තියෙනවද බලන්න පාවිච්චි කරන්නේ PORTS නැති වහල දාන්න


උපුටා ගැනිමක් මාත් පොඩි පොඩි දේවල් එකතු කරා අඩුපාඩුවක් තියෙනවා Comment නම් එකක් දාන්න



Tuesday, February 14, 2017

සමාජයේ හැටි මෙහෙම තමයි



උබ ඉපදෙන්න ඉන්නකොට අම්මා කිවුවේ, " #කෙල්ලෙක්_උනොත්_හොදයි " කියලා.

උබ ඉපදුන දා ඩොක්ට කිව්වේ, “ #ලස්සන_ගෑනූ_දරුවෙක් ” කියලා.

උබ ගෙදර ආපුවම නෑයෝ කිවුවේ, “ #සොක්_කෙලි_පැටියා ” කියලා.

උබ ටික ටික ලොකු වෙනකොට හැමෝම  කිවුවේ, “ #දගකාරි ” කියලා.

උබ ලොකු ළමයෙක් වුනාම තාත්තා කිවුවේ, “ #උබත්_දෑන්_ළමිස්සි ” කියලා.

උබේ මූන ටික ටික පෑහෑපත් වෙනකොට ගමේ කොල්ලො කිවුවේ, “ #පට්ට_කෑල්ල” කියලා.

උබේ තත්තා ප්‍රෙශර් වඩිවෙලා නිදි ඈදෙම මලාම ගමේ උන් කිව්වේ, “ #කෙල්ල_පව් “ කියලා.

උබ කිලි වුනු ඈදුම් ඈදන් විභගේ ලියලා A9 ක්
ගත්තම ඉස්කොලේ ටිචලා කිවුවේ, “ #දස්ස_කෙල්ල ” කියලා.

උබේ අම්මා ලෙඩ ඈදේ වෑටිලා උසස් පෙල
කරගන්න බෑරි උනම නෑන්දා කිවුවේ, “ #අසරනී ”කියලා

උබේ ජිවිතේ බර උහුල ගන්න බැරැව උබ
ගාමන්ට් යන්කොට පාරේ උන් කිවුවේ, “ #ලස්සන_උනාට ” ඕකීට මොලේ නෑ කියලා.

උබ ත්රීවිල් අයියත් එක්ක යාලු වුනාම ගමම කිවුවේ, “ #එකි_ඉවරයි ” කියලා.

උබ ගාමන්ට් පඩියෙන් ගත්ත අලුත් ඈදුම් ඇදන් ගිය
පලවෙනි දවසේ සුපවයිසල කිවුවේ, “ #ඒක_පට්ට_කෑල්ල නේ” බන් කියලා.

උබ ඉරිදට ඉරිදට ත්‍රිවිල් අයියාගේ බේරුමක් නැතිව
ආදරේ නාමයෙන් රූම් යනකොට ගමම කිවුවේ, “ #එකිත්_හොද_බඩුව ” කියලා.

නොදැනුවත්ව ත්‍රිවිල් අයියා තාත්තා වෙලා උබේ බඩ එනකොටනෑදෑයො කිවුවේ, “ #ඔය_කරගත්තේ ” කියලා.

උබේ බඩට මාස තුනක් වෙනකොට ත්‍රිවිල්
අයියා ගමෙන් ගිහින් කියලා දෑනගන්නකොට උබ
උබටම කිවුවේ, “ #කාලකන්නි_ගෑනී ” කියලා.

රජයේ රෝහලට පින් සිද්ද වෙන්න දරුවා හම්බ
උනම නර්ස්ලා කිවුවේ, “ #වටේ_ගිය_එකක් ” කියලා.

උබ දරුවා ලොකු කරගන්න ගල්
වලේ වෑඩකරනකොට ගල් වලේ උන්
කිව්වේ උබට, “ #ඔවා_හුරු_නෑ ” බන් කියලයි.

උබේ දරුවා අඩනකොට බඩගින්නේ පොඩි
එකාගේ කදුලු වලින් හිත හදාගෙන ඇග
විකුනනකොට සමාජයම කිවුවේ, “ #ගණිකාව” කියලා.

 හදිස්සියෙම ගෙදරට පැනපු පොලිසියේ මහත්
හොරු කිවුවේ නැගපිය, “ #පට්ට_වේසි ” ජිප් එකට කියලා.

උසාවියට ගොඩ වෙන්න කලින් පොලිස් කුඩුවේදී
මාමලා බලන්න එනකොට උන් කිවුවේ “ #සෑකකරි ” කියලා.

එතකොට උබ කිවුවේ අනේ “ #මගේ_පොඩී_එකා ” කියලා.

උබ උසාවියට ගොඩ උනාම උන් කිවුවේ “ #විත්ති_කාරි ” කියලා.

ඇප තියන්න වත්කම් නැතුව මහ උලු ගෙදරට
ගියාම එකේ උන් කිවුවේ “ #හොද_නම්බරයක් ” කියලා.

හිර කූඩු කූරු අතර වසර ගනන්
ගෙවිලා උබේ හුස්ම ටික අහසට මුහු කලාම
උබේ අවසන් කටයුතුවලට
අපේ හමුදුරුවෝ කිවුවේ “ #උපාසක අම්මා” කියලා.

සමාජයේ හැටි මෙහෙම තමයි මිනිස්සු බලන් ඉන්නේ තවත් කෙනෙක් ගැන මොනවා හරි කියන්න.
FB එකේ දැකලා හොදයි කියලා හිතුන නිසා SHARE කරේ.
උ.ගැ

Monday, February 6, 2017

ෂර්ලොක් හොල්ම්ස් (Sherlock Holmes) කතා සියල්ලම Ebook ලෙස

අපි හැමෝම පොඩි කාලේ ආසාවෙන් කියවපු කතාමලාවක් තමයි  ෂර්ලොක් හොල්ම්ස් කියන්නේ. එකාලේ පොත් හොයන් කියවපු අය දන්නවා මේ කතාසෙට් එකට කොච්චර ආසාවේන් කියෙව්වාද කියලා. ඔන්න ඒ කතා ටික විදියට ලබා දෙනවා. යන එන ගමන් දාගෙන උනත් කියවන්න පුළුවන්.




ගින්දර සමග සෙල්ලම්

සමුදුරේ සටන

භිෂයක්

බිහිසුනු නිම්නය

භයානක මිනිසා

අබිරහස් දොස්තර

ඉන්ද්‍රනිල මාණික්‍ය

ඔබෙන් සමුගනිමි

අන්තරාය අඩවියක

ප්‍රදිපාගාරයේ වික්‍රමය

කළු ව්‍යග්‍රයා

පුද්ගලිකයි රහසිගතයි

රතුවත හැදි කත

ඩ්‍රකියුලාට එරෙහිව

ලේ සළකුණ

දියමන්ති ඔ‍ටුන්න

ලෝහිත පරික්ෂණය

මහ ‍රැ ආ මාරයා

ආපසු එයි

මලගිය ඇත්තෝ සාක්ෂි දෙති

බැස්කවිල් ශාපය

සිව් රහස් සලකුණ

රුසියානු ඔත්තුකාරයා


දැන් කතා මාලාව TV Series එකක් විදියටත් ඇවිත් තියෙන්නේ ඒ ටිකත් ඉදිරියේදි දෙන්නම් බලපු නැති අයට


Friday, February 3, 2017

වැඩිපුර කල් ජිවත් වෙන්න

ඔන්න කට්ටිය තව ටිකක් වැඩිපුර ජීවත් වෙන්න ලෑස්ති වෙන්න  අපි දන්නේ නැති උනාට එදිනෙදා කරන පොඩි පොඩි දේවල් සෑහෙන බලපානවා අපේ ජීවිත කාලෙට  මේ ටික බලලම ඉන්න 


Get a Pet


පුළුවන් නම් සුරතලෙක් ඇති කරන්න එක ගොඩක් උදවු වෙනවා stress level එක අඩු කරන්න, උදේම නැගිටින්නත් උදවු වෙනවා සුරතලත් එක්ක move වෙන්න වෙනවා එකත් අපිට වටිනවා



Sleep


පැය 8 අඩුම තරමින් නින්දක් ඕනේ වෙනවා,නින්දේදී තමයි body ඒකෙ damages අයේ restore කරගන්නේ



Be Happy



හැම වෙලාවේම optimistic attitude එකෙන් ඉන්නවා නම් තමයි හොද ඒ කියන්නේ නැව ගිලුනත් බෑන් චුන් වගේ  හැමදේම positive හිතල ඉද්දි blood pressure අඩුයි ඉතින් එක වැදගත්




Sex


මේක වැඩියෙන් කරන තරමට ඇගට හොදිලු එකෙන් හොද exercise එකක් වගේම හොද happiness එකක් ලැබෙන නිසා





Stop Smoking



මේක නම් නවත්තන්න වෙනවා අනිවාර්යෙන්ම, දැනට බොන අය තාම පරක්කු නැහැ, Alcohol ගැනත් කියන්න ඕනේ අලුත්ම research වලින් කියන්නේ ඇගට alcohol සීමිත ප්‍රමාණයක් අවශ්‍යයි කියල සීමිත කියන්නේ පොඩ්ඩයි හොදේ එකත් occasionally වැටෙන්න ගහන එකට නෙමෙයි




Exercise


හැම කෙනෙකුටම අවශ්‍යම දෙයක් අනිවාර්යෙන්ම පුළුවන් එකෙක් gym එකකට පලයල්ලා, එහෙම නැත්තම් cardio කරන්න දුවන්න නැත්තම් හොදට ඇවිදින්න අඩුම තරමේ office එකට කලින් halt ඒකෙ බැහැල හරි පයින් යන්න බලන්න




Lost Weight


ඇග ගානට තියාගන්න ඕනේ ඇග අනවශ්‍ය විදියට ලොකු වෙනවා කියන්නේ ලෙඩ වැඩි වෙන එක




Simulate your Brain


මේක සැහෙන්න වැදගත් brain එක alive active ඒකෙ තියාගන්න බලන්න එහෙම කරගන්න හැමවෙලාවෙම අලුත් skill එකක් ඉගෙන ගන්න පොතක් කියවන්න අලුත් hobby එකක් පටන් ගන්න නැත්තන් documentary එකක් බලන්න brain එකට වයසට යන්න දෙන්න එපා active ඒකෙ තියන්න





Foods


Anti aging foods පුළුවන් හැමවෙලවකදිම ගන්න බලන්න 
Olive Oil, Yogurt,Fish,Chocolate, Nuts ජාති ,Wine, blueberry,Grapes,Avocado







Wednesday, February 1, 2017

මරණයේ සටන් බිම සහ ග්ලැඩියේටර්වරු (Rome Colosseum & Gladiators )



සටන්කරුවන් දෙදෙනා සහ ඔවුන්ගේ අවි ආයුධ සූදානම්. සටන්භුමිය තුල මහත් අපේක්ෂාවකින් කෑකෝ ගසන රෝම වැසියන්.සටන්කරුවන් දෙදනාම මේ දවස ඔවුන්ගේ අවසන් දවස විය හැකි බව හොඳින් ම දන්නවා. ඔවුන් ග්ලැඩියේටර්වරු, අනිත් අයගේ සතුට වෙනුවෙන් මරණය දක්වා සටන් කරන මිනිස්සු.

මරණය දක්වා සටන් කල මිනිස්සුන්ගේ නිජ බිම වූ ලෝකයේ වත්මන් පුදුම 7න් එකක් වන ඉතාලියේ කොලොසියම ගැන විස්තර ටිකක්, Gladiator (2000) film එකේ මේක ගැන හොද විස්තර ටිකක් තියනවා



72 AD වලදී රෝම අධිරාජයෙක් වූ Vespasiano කියන පුද්ගලයා තමයි මේක හදල තියෙන්නේ, ඒ කාලේ මේකේ නම Amphitheatrum Flavium කියල තමයි කියන්නේ. මේක හදන්න අවුරුදු 10ක් ගිහින් තියනවා 60,000 කට අධික යුදෙව් වහලුන්ගෙ සේවයෙන් තමයි හදල තියෙන්නේ 

මේකේ දළ වශයෙන් විශාලත්වය දිග මීටර් 189ක් පළල මීටර් 156ක් උස මීටර් 48 ක් ඇතුලත විශාලත්වය වර්ග මීටර් 24,000 ක් 
මේකේ ඇතුලත් වීමේ දොරටු 80ක් තියනවා ලු 50,000 ක නරබන්නන් පිරිසකට ඉන්න පුළුවන්  


මේ නිර්මාණය කොපමණ විශිෂ්ට නිපැයුමක් උනත් මේක ඇතුලේ උන දේවල් නම් ඉතාම කුරිරු ගනයේ අපරාද ලෙසයි සැලකෙන්නේ. දළ වශයෙන් සටන්කරුවන් ලක්ෂ 5ක් පමණ මෙය තුලදී තම ජිවිත පුජා කරලා තියනව  ඊට අමතරව මිලියනයකට අධික සත්වයින් මෙහිදී ඝාතනය වෙලා තියනවා ඒ මෙහිදී පවත්වපු Colosseum hosted people vs. beast games  නිසා 

festival කාලෙට එක දිගට දවස් 100ක් මෙහිදී සටන් පවතුනාලු 

කොලොසියම තුල පැවතුන දරුණු ගනයේ සටන් 

වන අලි සමග රයිනෝ සටන් 
වන සතුන් සමග සටන් වදින bestiarius gladiator වරු

මොවුන් ඉතාම අඩු කාල සීමාවක් ජීවත් වෙනවා කියලයි කියන්නේ gladiator standards අනුව  මොවුන් වන සතුන් සමග සටන් වැදීමට විශේෂ පුහුණු ලද ග්ලැඩියේටර්වරු
ඉතිහාසයේ ප්‍රභලම සටන් කරුවෙක් ලෙස Carpophorus කියන ග්ලැඩියේටර් ප්‍රසිද්ධ වෙලා තියනවා ඒකට හේතුව එක සටනකදී සිංහයෝ, වලස්සු,වියාග්‍රයෝ 20ක් සමග සටන් කොට ජය ගැනීමයි 



TITUS නාවික යුද ගැටුම්

Colosseum arena එක ජලයෙන් පුරවා නැව් සටන් පැවැතු බවද සදහන් වේ එයට 3000ක පමණ පිරිසක් එක් වර සටනකට සහබාගි වී ඇත.







 PRISCUS VERSUS VERUS

මොවුන් තමන්ගේ නිදහස ලබා ගැනීම සදහා සටන් කල gladiator වරු ලෙසයි සැලකෙන්නේ, සටන අවසානයේදී ජයග්‍රහණය කරන gladiator ට ලී කඩුවක් පිරිනමනවා එයින් ඔහුගේ වහල් බැවින් නිදහස්ව වීමේ සංකේතයක් වෙනවා






ග්ලැඩියේටර්වරු ( Gladiators )



'Gladiator' කියන නම හැදිලා තියෙන්නේ ලතින් නමක් වෙන Gladius කියන වචනෙන් එකේ තේරුම කඩුව(sword) කියන එක

ග්ලැඩියේටර්වරු භාවිත කල උපකරණ

Pompeii නගරයෙන් හමුවූ ග්ලැඩියේටර් හිස් ආවරණයක්



ලෝකඩ පා ආවරණ


භාවිත කල කඩු 


1993 දී Ephesus ප්‍රදේශයෙන් හමුවූ ග්ලැඩියේටර්වරුන්ගේ හිස්කබල් 
දරුණු ලෙස හිස්කබලට හානි සිදුවී තියෙන බව සැලකෙනවා




රෝම ඉතිහාසයේ ප්‍රභලම ග්ලැඩියේටර්වරු 

Flamma

සිරියානු වහලෙක් පසුව ප්‍රසිද්ද ග්ලැඩියේටර් සටන්කරුවෙක්



Commodus

Gladiator 2000 වසරේ චිත්‍රපටියේ එන චරිතය


Spartacus

රෝම සටන් ඉතිහාසයේ සුප්‍රසිද්ධම චරිතය


මෑතකදී ඉතාලියේ සිදුවූ භූචලනය නිසා වසර 2000ක් පැරණි Colosseum විශාල ලෙස ඉරි තැලී ගොස් ඇතැයි වාර්තා වේ.

                                                                                                                                                                                    උපුටාගැනිමකි(elakiri.com)