සිංදුව පට්ටම හින්දා දාන්න හිතුනා.
සිංදුවේ විඩියෝ එකේ නම් හැටියට කෙල්ල මැරෙනවා. එත් කෙල්ල දාලා ගිය කතාවක් වෙන්නත් පුළුවන්. විඩියෝ එකේ හැටියට ගමුකෝ ඒ කෙල්ලට කියන්න දෙයක් තිබ්බොත් මේහෙම කියයි
පෙර පසු වදනින් සරසනු කුමටද නුඹේ කතාව ම මමයි කියා දැන සිටි හින්දා ඉකි බිඳ හැඬුවා ගිනි ඇවිළුණු පිටු අතර තියා අරුත සොයන නෙත් හමුවුණු දා සිට අන්දරයක නැවතුණැයි සිතා කවිකම් ගෙතුවෙමි හිත් පොත මැද්දේ ලොවම නුඹේ නුඹ මගෙයි සිතා නොපැතූ නැවතුමකදි වෙන් වෙන්නට උපන් භවේ ලියැවුණු හින්දා ඇවිදන් යමි දුර ඈතින් ඈතට ලියූ කතා පොත හිතේ තියා පෙර පසු වදනින් සරසනු කුමටද නුඹේ කතාව ම මමයි කියා දැන සිටි හින්දා ඉකි බිඳ හැඬුවා ගිනි ඇවිළුණු පිටු අතර තියා
EmoticonEmoticon