සටන්කරුවන් දෙදෙනා සහ ඔවුන්ගේ අවි ආයුධ සූදානම්. සටන්භුමිය තුල මහත් අපේක්ෂාවකින් කෑකෝ ගසන රෝම වැසියන්.සටන්කරුවන් දෙදනාම මේ දවස ඔවුන්ගේ අවසන් දවස විය හැකි බව හොඳින් ම දන්නවා. ඔවුන් ග්ලැඩියේටර්වරු, අනිත් අයගේ සතුට වෙනුවෙන් මරණය දක්වා සටන් කරන මිනිස්සු.
මරණය දක්වා සටන් කල මිනිස්සුන්ගේ නිජ බිම වූ ලෝකයේ වත්මන් පුදුම 7න් එකක් වන ඉතාලියේ කොලොසියම ගැන විස්තර ටිකක්, Gladiator (2000) film එකේ මේක ගැන හොද විස්තර ටිකක් තියනවා
72 AD වලදී රෝම අධිරාජයෙක් වූ Vespasiano කියන පුද්ගලයා තමයි මේක හදල තියෙන්නේ, ඒ කාලේ මේකේ නම Amphitheatrum Flavium කියල තමයි කියන්නේ. මේක හදන්න අවුරුදු 10ක් ගිහින් තියනවා 60,000 කට අධික යුදෙව් වහලුන්ගෙ සේවයෙන් තමයි හදල තියෙන්නේ
මේකේ දළ වශයෙන් විශාලත්වය දිග මීටර් 189ක් පළල මීටර් 156ක් උස මීටර් 48 ක් ඇතුලත විශාලත්වය වර්ග මීටර් 24,000 ක්
මේකේ ඇතුලත් වීමේ දොරටු 80ක් තියනවා ලු 50,000 ක නරබන්නන් පිරිසකට ඉන්න පුළුවන්
මේ නිර්මාණය කොපමණ විශිෂ්ට නිපැයුමක් උනත් මේක ඇතුලේ උන දේවල් නම් ඉතාම කුරිරු ගනයේ අපරාද ලෙසයි සැලකෙන්නේ. දළ වශයෙන් සටන්කරුවන් ලක්ෂ 5ක් පමණ මෙය තුලදී තම ජිවිත පුජා කරලා තියනව ඊට අමතරව මිලියනයකට අධික සත්වයින් මෙහිදී ඝාතනය වෙලා තියනවා ඒ මෙහිදී පවත්වපු Colosseum hosted people vs. beast games නිසා
festival කාලෙට එක දිගට දවස් 100ක් මෙහිදී සටන් පවතුනාලු
කොලොසියම තුල පැවතුන දරුණු ගනයේ සටන්
වන අලි සමග රයිනෝ සටන්
වන සතුන් සමග සටන් වදින bestiarius gladiator වරු
මොවුන් ඉතාම අඩු කාල සීමාවක් ජීවත් වෙනවා කියලයි කියන්නේ gladiator standards අනුව මොවුන් වන සතුන් සමග සටන් වැදීමට විශේෂ පුහුණු ලද ග්ලැඩියේටර්වරු
ඉතිහාසයේ ප්‍රභලම සටන් කරුවෙක් ලෙස Carpophorus කියන ග්ලැඩියේටර් ප්‍රසිද්ධ වෙලා තියනවා ඒකට හේතුව එක සටනකදී සිංහයෝ, වලස්සු,වියාග්‍රයෝ 20ක් සමග සටන් කොට ජය ගැනීමයි
TITUS නාවික යුද ගැටුම්
Colosseum arena එක ජලයෙන් පුරවා නැව් සටන් පැවැතු බවද සදහන් වේ එයට 3000ක පමණ පිරිසක් එක් වර සටනකට සහබාගි වී ඇත.
PRISCUS VERSUS VERUS
මොවුන් තමන්ගේ නිදහස ලබා ගැනීම සදහා සටන් කල gladiator වරු ලෙසයි සැලකෙන්නේ, සටන අවසානයේදී ජයග්‍රහණය කරන gladiator ට ලී කඩුවක් පිරිනමනවා එයින් ඔහුගේ වහල් බැවින් නිදහස්ව වීමේ සංකේතයක් වෙනවා
ග්ලැඩියේටර්වරු ( Gladiators )

'Gladiator' කියන නම හැදිලා තියෙන්නේ ලතින් නමක් වෙන Gladius කියන වචනෙන් එකේ තේරුම කඩුව(sword) කියන එක
ග්ලැඩියේටර්වරු භාවිත කල උපකරණ
Pompeii නගරයෙන් හමුවූ ග්ලැඩියේටර් හිස් ආවරණයක්
ලෝකඩ පා ආවරණ
භාවිත කල කඩු
1993 දී Ephesus ප්‍රදේශයෙන් හමුවූ ග්ලැඩියේටර්වරුන්ගේ හිස්කබල්
දරුණු ලෙස හිස්කබලට හානි සිදුවී තියෙන බව සැලකෙනවා
රෝම ඉතිහාසයේ ප්‍රභලම ග්ලැඩියේටර්වරු
Flamma
සිරියානු වහලෙක් පසුව ප්‍රසිද්ද ග්ලැඩියේටර් සටන්කරුවෙක්
Commodus
Gladiator 2000 වසරේ චිත්‍රපටියේ එන චරිතය
Spartacus
රෝම සටන් ඉතිහාසයේ සුප්‍රසිද්ධම චරිතය
මෑතකදී ඉතාලියේ සිදුවූ භූචලනය නිසා වසර 2000ක් පැරණි Colosseum විශාල ලෙස ඉරි තැලී ගොස් ඇතැයි වාර්තා වේ.
උපුටාගැනිමකි(elakiri.com)
EmoticonEmoticon