Tuesday, January 17, 2017

Microsoft office Package සියල්ල එකම තැනකින්


Microsoft office Package සියල්ල එකම තැනකින්








Friday, January 13, 2017

Youtube Adsense එකවුන්ට් එකක් හරි විදියට හදා ගන්න විදිය


1.පලමුව ඔබට google mail (gmail.com) ගිනුමක් අවශයයි.


2. ඒ සදහා google mail වෙත ගොස් ගිනුමක් විවුර්තකර ගන්න.

3. YOUTUBE වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.



4. ඔබගේ ගිනුමට ඇතුලු වන්න.

5. google mail ගිනුමට ලබාදුන් email ලිපිනයත් password යොදා ඇතුලුවන්න.

6. google mail ගිනුම verify කර නැත්නම් දුරකතන අංකය ලබාදී, කෙටි පනිවිඩයක් මගින් ලැබෙන pin code යොදා google mail ගිනුම verify කරගන්න.

7. ඉන්පසු ඔබගේ youtube ගිනුම වෙත පිවිසේවි.. එහි ඔබගේ Channel වෙත පිවිසෙන්න.
8. ස්ත්‍රී, පුරුශ බාවය සහ උපන්දිනය ලබාදෙන්න.

9. Video Manager වෙත යන්න.

10. Channel වෙත පිවිස youtube ගිනුම තහවුරු කර ගැනීමට, දුරකතන අන්කය ලබාදී pin code ලබාගන්න. pin code ලබාදී ගිනුම තහවුරු කරගන්න.

11. Advanced වෙත ගොස් Country එක United States ලෙස වෙනස් කර save කරන්න.

12. Upload වෙත පිවිස වීඩියෝවක් Upload කරන්න.

13. Upload කල විඩියෝවේ $ සලකුන නොපෙනේවී.

14. Channel වෙත ගොස් Monetization Enable කරන්න.

15. ඔබ Upload කල විඩියෝවත් Monetize කරගන්න.

16. දැන් ඔබට විඩියෝව ඉදිරියේ $ සලකුන පෙනේවී. කැමති ලෙස ads යොදන්න.


17. Video Manager තුල ඇති Videos තුල ඔබ Upload කල සියලුම Videos ඇත.

18. Analytics මගින් ඔබගේ ගිනුමේ සියලුම විස්තර බලාගත හැක.


19. Estimate Earnings තුලින් ඔබ දැනට උපයා ඇති මුදල් බලාගත හැක. උපයා ඇති සියලුම මුදල් මාසයේමුල් දින 10 ඇතුලත ඔබගේ Adsense ගිනුමට බැරවේ.

20. Adsense වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.


21. google mail ගිනුමට ලබාදුන් email ලිපිනයත් password යොදා ඇතුලුවන්න.

22. View Payments වෙත යන්න. ඔබගේ නම සහ ලිපිනයත්, මුදල් ලබාගැනීමට බැන්කු ගිනුමත් ලබාදෙන්න. 

ඔබ උපයා ඇති මුදල $100ට වැඩිනම් හැම මසකම 21 වන දින ඔබගේ බැන්කු ගිනුමට මුදල් බැර කරයි. 25වන දිනට පෙර ඔබගේ බැන්කු ගිනුමට මුදල් ලැබේ.

23. ඔබට මුදල් ලබාගැනීමට නම් ඔබගේ ලිපිනය Verify කරගත යුතු වේ. ගිනුමේ ශේශය $100 වුන පසු ඔබගේ ලිපිනයට pin code දැමු ලියුමක් එවයි. එය දින 14ක කාලයක් ඇතුලත ලැබේ. 

එහි ඇති pin code යොදා ලිපිනය verify කරගන්න. ඉන්පසු ඔබට කිරීමට කිසිදු දෙයක් නැත. $100ට වැඩි ආදායමක් ඇත්නම් එය මාස් පතා ඔබගේ බැන්කු ගිනුමට ලැබේ. සෑම විටම ඔබගේ ගිනුම Good Standing මට්ටමේ තබාගැනීමට උත්සහ ගන්න. ඔබට ජය!

සුද්දාගේ සල්ලි නිසා පුලුවන් තරම් හොයා ගන්න බලන්න. ඒ වගේම තමයි පොඩ්ඩක් වත් හොරවැඩ කරන්න ඒ වගේම අනුන්ගේ Videos දාන්න හිතන්න වත් ඒපා. මොකද අපි හිතනවට වඩා ඒයාල ගොඩක් දියුණුයි ඔයාව Ban වෙන්නත් පුලුවන්.ඒනිසා පරිස්සම් වෙන්න කරද්දි සැලකිලිමත් වෙන්න ඔනි කරුණු කිපයක් වගේම හොර වැඩත් කිපයක් තියෙනවා ඒගැනත් ඉදිරියේදි කියන්නම්.





එකපාර සිංහල ඉංග්‍රිසි (Unicode) දෙකම Type කරන්න ඔනිද??

මුලින්ම සිංහල Unicode type කරන්න ඉගෙන ගත්තෙත් UCSC Realtime Unicode Editor එකෙන්. ඒ දවස් වල වගේ නෙමෙයි දැන් ගොඩක් සිංහල unicode editors තියෙනවා.
(Ex : Google IME, හෙලකුරු) 

ඒ වගේම google chrome භාවිතා කරන අයට මේකත් Extension විදියට කරන්න පුලුවන්.

ඒත් සිංහල ඉංග්‍රිසි දෙකම එකම Editor එකේ කරන්න අමාරුයි.ඒත් මේකේ විශේෂත්වය තමා පහසුවෙන් හා ඉක්මනින් PC එකේ තමන්ගේ blog එකට පොස්ට් එකක් forum එකකට comment එකක් English එක්කම Web එකේම type කරන්න පුලුවන් වීම. 

මේ ප්‍රශ්නෙට පිළියමක් විදිහට තමා මේ website එක Sinhala Unicoder නිර්මාණය කලේ. දැන් පහසුවෙන් @ sign එක පාවිච්චිකරලා English වචනේ English විදිහටම ලියන්න පුලුවන්. මීට අමතරව, unicode editor එක customize කර ගන්නත් පුලුවන්. 
(Font size, Editor Size).

අවශය නම් editor එක display වෙන විදිහත් වෙනස් කර ගන්න පුලුවන්. ලොකු document එකක් හදනවා නම් අනිවාර්යයෙන් එවා වැදගත් වෙයි. එත් එක්කම editor එකේ type කරන් පහලට යනකොට සිංහල preview එකත් auto පහලට scroll වෙනවා ඒක හින්දා... තමන්ගේ document එක කොච්චර ලොකු වුනත්  එකපාරම type කරන්න ලේසි වෙන්න. type කරලා ඉවර වුනාම copy button එකෙන් කෙලින්ම සිංහල text එක copy කරගන්න පුලුවන්. මේ website එකේ මුකුත් ads එහෙම නැහැ..website එකේ mobile එකෙනුත් ඕනෙනම් භාවිතා කරන්න පුලුවන්..
ඒවගේම මේක නිර්මාණය කරපු පිරිසට සුභ පතනවා ඉදිරියටත් මේ වගේ නිර්මාණ කරන්න කියලා

Wednesday, January 11, 2017

ජීවත්වෙන්නේ රස්සාවක් කරන්නද?


“සතුට එකතු කරන්නේ කොහොමද? දුක අඩු කරන්නේ කොහොමද කියලා ගණිතය අපට කියලා දෙන්නේ නැහැ. නමුත් මේ ලෝකයේ තියෙන සෑම ප්‍රශ්නයකටම විසඳුමක් තියෙන බව ගණිතය කියලා දෙනවා”

“සමහර වෙලාවට ඉස්කෝලේ යන කාලෙදි පන්තියක් දෙකක් කට් කරපු එක හොඳයි කියලා මට දැන් හිතෙනවා. පාසල් යන කාලේදී එහෙම දඟ වැඩත් කරන්න ඕන. මොකද මම දැන් හිනා ගස්වන්නේ ඒ අතීත මතකයන් මිසක් ඒ කාලේදී ගත්ත ලකුණු නෙවෙයි”


මහාචාර්ය අබ්දුල් කලාම් 

අබ්දුල් කලාම් මහතා රැකියාවල නියුතු වෘත්තිකයන් වෙනුවෙන් ඉතා වැදගත් පණිවුඩ රැසක් ලබාදීලා තිබෙනවා. වත්මන් සමාජයේ මිනිස් ජීවිතය පාලනය කරන මූලික සාධකයක් ලෙස රැකියාව පත්වෙලා තිබෙනවා. එම නිසා බොහෝ දෙනා ජීවත් වෙන්න රැකියාවක් කරනවා වෙනුවට රැකියාවක් කරන්න ජීවත් වෙනවා.


සමාගම් දිනෙන් දින ලාභ ලැබුවත්, ආර්ථිකය දිනෙන් දින දියුණු වුණත් පාරිභෝගිකයා තෘප්තිමත් වුණත් මිනිස් ජීවිතවල සතුටක් නැත්නම් එම දියුණුවෙන් කිසිම වැඩක් නැහැ. යහපත් සමාජයක් බිහිවන්නේ රටේ ඉන්න සල්ලි තියෙන මිනිසුන් ප්‍රමාණය මත නොව යහපත් සිතුම් පැතුම් සහිත මිනිසුන්ගෙන් පිරී ඉතිරී ගිය විට. 

1. වැඩ කිරීම කියන්නේ නොනවතින ක්‍රියාවලියක්. ඒක නිසා එහි නැවතීමක් නැහැ. ඒක මතක තියාගන්න.

2. පාරිභෝගිකයාට දක්වන ඇල්ම වගේම පවුලට දක්වන ඇල්මත් ඉතාම වැදගත් බව හිතන්න.

3. ඔබ ජීවිතය තුළදී ඇද වැටුණොත් ඔබට නැඟිටින්න අත දෙන්නේ පවුලේ අය මිසක් බොස් හෝ පාරිභෝගිකයා නෙවෙයි.

4. ජීවිතය කියන්නේ පාරිභෝගිකයා සහ සමාගම නෙවෙයි. තවත් ගොඩක් දේවල් තියෙනවා. ජීවිතයේ අනෙක් සතුට උපදවන ඉසව් ගැනත් හිතන්න.

5. කාර්යාල වේලාවෙන් පසුවත් වැඩ කරන කෙනා මහන්සි වෙලා වැඩ කරනම පුද්ගලයා වශයෙන් නම් කරන්න බැහැ. මන්ද යත් ඔහුට කාලය සහ වැඩ නියමිත වෙලාව තුළ කළමනාකරණය කරගන්න බැරිවෙලා තිබෙනවා.

6. ඔයා මහන්සිවෙලා ඉගෙන ගත්තේ මැෂින් එකක් වෙන්න නෙවෙයි කියලා හොඳට මතක තියාගන්න.

7. ඔයාගේ බොස් රාත්‍රි වෙනකල්ම ඔයාට වැඩ කරන්න බල කරනවා නම් ඔහු තේරුමක් නැති පිස්සු බොස් කෙනෙක්. එයාට දැන්ම ගිහින් පහත සමීකරණය පෙන්වන්න.


කාර්යාලයෙන් කලින් පිටවීම = කාර්යක්ෂමතාව + හොඳ සමාජ ජීවිතය + හොඳ පවුල් ජීවිතය

කාර්යාලයෙන් පමාවෙලා පිටවීම = අකාර්යක්ෂමතාව + සමාජ ජීවිතයක් නැතිවීම + අයහපත් පවුල් ජීවිතය

ඉහත උපදෙස් දුන්නේ වෘත්තිකයන් අසාර්ථක කරන්න නෙවෙයි. ඒ වගේම ඔහු කියන්නේ නැහැ අකුරට වැඩ කරන්නම කියලා.
මේ කාලයේදී මිනිස්සු වැඩවලට පමණක් යොමුගත කිරීම තුළ ඇතිවන සමාජ ප්‍රශ්න සහ ගැටලු ඉතා වැඩි නිසා සමස්ත සමාජයටම වැඩ කිරීම කියන්නේ ජීවිතේමද කියලා නැවත හිතන්න කාලය ඇවිත් තියෙන්නෙ. තරුණ කාලේ මහන්සි වෙලා වැඩ කරලා අවසානයට හැරිලා බලද්දි තමා හැදූ වැඩූ මවුපියන්ටවත් යමක් කරලා නැති දරුවන්ගෙන් ඇති වැඩක් නැහැ. අන්න ඒ නිසා ජීවිතයේ සමබර බව ඉතාම වැදගත්. හිතන්න ජීවිතය කියන බයිසිකලය සාර්ථකව ඉදිරියට පැදගෙන යන්න නම් එක පැත්තකටවත් වැඩිය බර නොකර පැදගෙන යා යුතුයි. මන්ද යත් ඔබ එක පැත්තකට බර කළොත් බයිසිකලය ඉක්මනින්ම ඇද වැටෙන බව, ඔයා දන්නවා. මේ විශ්වයේ තියෙන ඕනෑම වස්තුවක් ඉදිරියට ඇදෙන්නේ මනා සමබරතාව මතයි කියන සාධකය සදාතනික සත්‍යයක්.
උපුටාගැනිමකි(elakiri.com)